සිව්මග ධර්මායතනය මඟින් පවත්වනු ලබන සියලුම පන්ති වාර, ලබන්නා වූ 2026 නව වසර නිමිති කොටගෙන අපේල් මස 5 වෙනි දා සිට අප්‍රේල් මස 18 වෙනි දින දක්වා නොපැපෙත්වන බවත්, සුපුරුදු පරිදි දහම් පාසල යළි ආරම්භ වනුයේ අපේල් 18 වෙනිදා සිට බවත් කාරුණාවෙන් දන්වා සිටිමු.
ඔබ සියලු දෙනාට ලබන්නා වූ අලුත් අවුරුද්ද, සාමය සතූට පිරි, කෙළෙසුන් නිවාලන උතුම් වූ, සුදු මිනිසුන් බිහි කරන පුණ්‍යවන්ත නව වසරක් වේවා..!
සිව්මග ධර්මායතනය මගින් මෙහෙයවනු ලබන දහම් අධ්‍යාපන වැඩසටහන්වල 2026 නව අධ්‍යයන වර්ෂය එළඹෙන ජනවාරි මස 03 වනදා සිට උත්කර්ෂවත් අන්දමින් ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
නව වසරේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමත් සමඟ පන්ති පැවැත්වෙන වේලාවන්හි යම් සංශෝධනයන් සිදු කර ඇති බව දෙමාපියන් සහ දරුවන් වෙත කාරුණිකව දන්වා සිටිමු. දරුවන්ගේ දහම් දැනුම සහ ගුණධර්ම වර්ධනය උදෙසා ක්‍රමවත් අධ්‍යාපනයක් ලබා දීම අපගේ අරමුණයි. එබැවින්, නව කාලසටහනට අනුව නියමිත වේලාවට දරුවන් පන්ති සඳහා සම්බන්ධ කිරීමට කටයුතු කරන ලෙස සියලුම දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
මාතෘකාව: මිලියනයකගේ අවධානය දිනාගත් ‘මල් මැජික්’: හේතු-ඵල දහම සරලව වටහා ගමු
සමාජ මාධ්‍ය ජාලාවන් ඔස්සේ මිලියනයකට අධික නැරඹුම් වාර (1 Million Views) සංඛ්‍යාවක් වාර්තා කරමින් අතිශය ජනප්‍රිය වූ දහම් පණිවිඩය දැන් අප වෙබ් අඩවිය හරහා නැරඹීමට අවස්ථාව සලසා ඇත.
පෙති අටක් ඇති මලක පෙති එකින් එක ගලවා ඉවත් කරන විට “මල” යන සංකල්පය නැති වී යන ආකාරය පිළිබඳව මෙහිදී ඉතා සරලව පැහැදිලි කෙරේ. නටුව සහ පෙති පවතින තාක් පවතින මල, ඒවා වෙන් වූ විට කොහි ගියේද? යථාර්ථය යනු හේතුන්ගේ එකතුවක් (ඵලයක්) පමණක් බව වටහා ගැනීමට මෙම අපූරු විග්‍රහය ඉවහල් වේ. ඔබත් මෙම වීඩියෝව නරඹා අප ජීවිතය දෙස බලන දෘෂ්ටිකෝණය නිවැරදි කර ගැනීමට එක්වන්න.
ජේතවනාරාම විහාරය